මාගේ ඥාති සොයුරියන් දෙදෙනෙකු වෙනුවෙන් අද දින මෙම ඔන්ලයින් අයදුම්පත පුරවන්න ට මට අවස්ථාව ලැබුණා.
විද්‍යුත් තැපැල් ගිණුම් සාදා, UGC වෙබ් අඩවියේ ගිණුම් සාදා, විද්‍යුත් තැපැල් ගිණුම් තහවුරු කෙරුම් සබැඳි නිවැරදිව ක්ලික් කොට, SMS තහවුරු කෙරුම් කේත නිවැරදිව ඇතුලත් කොට, පියවර 4 ක් වූ දීර්ඝ ප්රශ්නාවලියක සියළු තැන් නිවැරදිව ක්ලික් කල යුතු බොත්තම්; තේරිය යුතූ තේරීම් නිවැරදිව කොට, අවසානයේ තහවුරු කොට, PDF ගොනුව බාගැනීම පරිගණක සාක්ෂරතාව අවම සිසුන්ට තියා, වෙබ් මෘදුකාංග ලිවීම ජීවිකාව කරගත් මට ද දීර්ඝ කාලයක් වැය උනු කර්තව්‍යය ක් උනා.
එම මෘදුකාංගය ලියා ඇත්තේ මෘදුකාංග ලියන්නට දන්නා අයවලුන් විය හැක, නමුත් තමන් ලියන මෘදුකාංගයේ ඉලක්ක පරිශීලක සමූහය ගැන වත්, ඔවුන් සඳහා කෙසේ පරිශීලක අත්දැකීම (UX) සකස් විය යුතු ද යන්න පිළිබඳව ඔවුන් ට කිසිදු සැලකීමක් තිබී නැත.
රජයේ කටයුතු පරිගණක ගත කිරීම හොඳ ය. පරිගණක ගත කළ යුතූ නිසා පමණක් එසේ කිරීම නරකය.
No Comments