රෝස මල්වලට වෙඩි බිදිය හැකිද ?

මෘගයන්ෙග් වෙඩි පහර ” ඇයගේ” සිරැර පසාරැ කරගෙන ජීව ප්‍රාණය රැගෙන පලා යද්දී ඇය තැබූ අවසන් පියවර කීපය කැමරා කාචයක සටහන්ව ඇත්තේ මෙසේය.

2011 වර්ෂයේ සීත සෘතුවේදී ඒකාධිපතියා එලවා දැමීමට තාහීර් චතුරශ්‍රයට එක්වූ මිසර හෙවත් ඊජිප්තු වැසියන් මිලියන ගණනක් අතර ඇයද උන්නාය. ඒකාධිපතියා එළවීම සමරනු වස් රෝසමල් රැගෙන තාහීර් චතුරශයට පාද යාත්‍රාවේ යෙදුනු “ඇය” ඇතුලු පිරිස මෙවර ඉල්ලා සිටියේ ” නිදහස, සමාජ සාධාරණත්වය සහ පාන් ” ය. නමුත් ඒකාධිපතියාගෙන් පසු ඊජිප්තුවේ බලය ඇල්ලූ (ජ්‍රජාතන්ත්‍රවාදී යැයි කියන මැතිවරණයක් පත්වූවද) අල්-සීසීගේ මිලිටරි ජුන්ටාවේ පොලිස් මෘගයෝ නිදහස ඉල්ලූ “ඇය” ඉලක්ක කලහ.

ඇය ෂයිමා අල් – සබා ය. ඕ ඊජිප්තු ජනප්‍රිය සමාජවාදී සන්ධාන පක්ෂයේ ක්‍රියාකාරිකාවක් සේම පස්හැවිරැදි පුතකුගේ මවක් ද වූවාය.

ඊජිප්තු හමුදා ජුන්ටාවේ පොලිස් මුරැගයන් තැබූ වෙඩිපහර ඈයගේ සිරැර පසාර කරගෙන යද්දී පවා හෙතෙම තවත් පියවර කීපයක් ඉදිරියට මිස පසුපසට ගියේ නැත. සිය මිතුරෙකු වූ සයෙඩ් අබු-එලා විසින් ඇලෙක්සැන්ඩ්‍රියා නුවර නිරැවත් පොළව මත ඇද වැටෙන්නට පෙර අල්ලාගත ඇය රෝහල වෙත ගෙන යනවිටත් ඕ මෙලොව හැරගොස් සිටියාහ.

ඇගේ අවසන් ගමනට සහභාගී වීමට සියගණනක් ඇලෙක්සැන්ඩ්‍රියාවය එක් රැස්වී සිටි අතර ඇය ගැන තැබූ ටුවීට් පණිවුඩයක් වූයේ

” ඇයට ඕනේ වුනේ තාහිර් චතුරශ්‍රය මත රෝසමල් අතුරන්න,ඒත් අප අද ඇය වෙනුවෙන් රෝසමල් තබනවා”

අවසානයේ මුරැගයෝ රෝස මලකට වෙඩි බින්දේය.

1973 දී පිනෝචේගේ මෘගයන් විසින් සිය දෑත කපා දැමීමට පෙර චිලියේ ජනතා කලාකරැවා, වික්ටර් හාර සිය නිමා නොකල අවසන් කවියේ මෙලෙස ලියා තැබුවේය.

” මේ මෙතැන
මෙනගර කොණ
අපි 5000 වෙමු.
ලෝව පුරා
නගර සිසාර “අප”කොපමණද?
අප දෑස් මරණයට බියක් නැත.
ඒකාධිපතියන්ගේ මුහුණු කොපමණනම් බිය වී ඇත්ද?
රක්ත ලේ, පදක්කමකි උන්ට
මනුෂ්‍ය ඝාතන, වික්‍රමාන්විය උන්ට “

[ වික්ටර් හාරා | 1973 සැප්තැම්බර් / එස්ටාඩිඕ,චිලීය ]

ඉතිහාසයේ සියලු තුවක්කු කටවල් ඉලක්ක කර ඇත්තේ අපේ පන්තියේ රෝස මල්ය.

No Comments

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: