හැදින ගත්තමි ආදරය – A True Love Story

මාගේ ඉස්සරහ ඔවුන් සිටගෙන අහිංසක සිනාවක් දාගෙන මම ඉන්න තැන ඉල්ලනව. මට පොඩි තරහක් ආව නින්දක් දාන්න තියෙන එකත් නැති වෙනව කියල. කමක් නෑ මොනව කරන්නද කියල මම ඉඩ දුන්න.

 

මහමෙරක් තරම් ලොකු ආදර කතාවක පුංචිම පුංචි දර්ශනයක්.

පසුගිය අවුරැද්දෙ සැබෑවට අත්විදපු දෙයක්.

⁣පෙ.ව 7.00 ට විතර මාතර – කොළඹ බස් රථය ලගා වුනා ගාල්ල බස් නැවතුමට. රස්සාවට යන මා වාඩි වී සිටියේ බසයේ පෙම් මුල්ලෙ. ගාල්ලින් බසින කවුරැත් බසයෙන් බැස ගන්නත් පෙරම කිහිප දෙනෙක්ම බසයට නැග ගත්තේ අසුනක් සොයා ගැනීමට. ඒ අතරෙ තවමත් හෝල්ට් එකේ යුවලක් කල්පනා කරනව බසයට ගොඩ වනවාද නැද්ද කියල.

ඇය ඔහුගේ අතින් ඇද ගෙනම බසයට ගොඩ වුනා. ඔහුන් දෙදෙනාට එකට වාඩි වී යාමට අසුනක් බසයේ ඉතිරි වෙලා නෑ. පසුපෙල අසුනේ මාත් එක්ක තුන් දෙනෙක් මම හිටියේ ජනේලය ලග සීට් එකේ. ⁣

ඇය ඔහුගේ උරහිසට පමනක් උසැති පැහැපත් ලස්සන කෙල්ලෙකි. ඔහුත් තරමක් කලු වූවත් හැඩකාර කොල්ලෙකි. දුටු පමණින්ම ගැලපෙන යුවලක්. පොඩි ඉරිසියාවක් ඇති නොවූවා කිවුවොත් බොරැවක්.

මාගේ ඉස්සරහ ඔවුන් සිටගෙන අහිංසක සිනාවක් දාගෙන මම ඉන්න තැන ඉල්ලනව. මට පොඩි තරහක් ආව නින්දක් දාන්න තියෙන එකත් නැති වෙනව කියල. කමක් නෑ මොනව කරන්නද කියල මම ඉඩ දුන්න.

කෙල්ලගෙ ලස්සනට නොබලත් බෑ ඒත් කොල්ල දැක්කොත් වසනිංගිරාව නිසා අහක බලන් ගියා. දැන් බස් එක ගිංතොටටත් ආව. ඒත් දෙන්නගෙ කිසිම සද්දයක් ඇහුනෙ නැති නිසා මම නිකමට ඔහුන් දිහා බැලුව.

මම දැකපු දෙයින් “අනෙ අම්මේ” කියල කියවුනා.
ලෝකෙ මිනිස්සු අංග සම්පූර්ණ නෑ. කොතනක හරි මොනයම් දෙයක් කාටත් අහිමියි. එත් වටින්නෙ ඒ දේවල් නිසා වැටෙන්නෙ නැතුව ඉස්සරහට යන එකයි.

මේ ලස්සන ජෝඩුවට සද්දෙන් හිනා වෙන්න සද්දෙන් කතා කරල ආදරේ කරන්න වුවමනාවක් නෑ. මේ අය හරිම නිෂ්ශබ්දයි. මොකද මොවුන් දෙන්නා කතා කරන්නෙ අත් දෙකෙන්.

හ්ම්ම්………. මේ දෙන්නටම කතා කරන්න බෑ.

දැන්නම් මට ඉරිසියාවක් නෙවෙයි මගේ හිත⁣ මොකද්දෝ කියා ගන්න බැරි බරක් දුකක් දැනුනා. මටම තේරැනා මං කොහේ හරි අතරමං වුනා කියල.
මේ දෙන්නගෙ කතාව හරිම නිදහස් කියල මුනෙ තියෙන හිනාවෙන් පේනව ම⁣ට. අනේ ඉතින් ලොකේ මේ වගේ අයත් ජීවත් වෙනවනේ.

” මල්ලී කොහාටද?”
ඒ කොන්දොස්තර. සැරෙන් අහපු නිසා පියවි සිහියට මාත් ආව.

දැන් මේ දෙන්න කොහොමද ටිකටි ඉල්ලන්නෙ? කලින්ම මම අහගත්තනම් උදවු කරන්න තිබුන. ලියලවත් පෙන්නයිද? මේ මගේ හිතට එන දේවල්. මේ අතරේ,

කෙල්ල ඉක්මන්ට පොඩි සයිඩ් බෑග් එකෙන් ප්ර්ස් එක අරන් 500 නෝට්ටුවක් දික් කරල

” අංකල් කොටුවට 2ක් දෙන්න”

වචන 04ක පිටවුනා කෙල්ලගෙන් කිසිම අමාරැවක් නැතුව. මට ඒ වෙලාවෙ හාට් බීට් එක වැඩි වුනාද නැත්තන් අඩු වුනාද කියල හිතා ගන්න බෑ.

” ආ නංගි”
ඉතුරැවයි ටිකට්නුයි දිලා කොන්දොස්තර ගියා.

අයිත් දෙන්නා පරන විදියටම අත් වලින් කතාව. දැං නිකන් මම පිස්සෙක් වෙන තත්වෙට ඇවිල්ල මේක දැකල. ඇය් අනේ මේ කෙල්ලට කතා කරන්න පුලුවන් එකේ මොන මගුලක්ද මේ කරන්නෙ කියල.

ඕන දෙයක් කියල මාත් හරි අමාරැවෙන් කතා කරා.

” නංගි මේ…. මෙහෙම අහනවට සොරි. මට තේරෙන්නෙ නෑ ඇයි ඔයාල ඔය විදියට කතා කරන්නෙ කියල”

මට මතකයි ඒ කොල්ල අහිංසක හිනාවක් දැම්ම.

” අය්යේ, මගේ කසුන්ට කතා කරන්න අමාරැයි. ඇහෙනවත් ටිකක් අඩුයි”
ඒ වෙලාවෙ කොල්ලගෙ අත තදින් අල්ල ගන්නව දැක්ක. කොල්ල අයිත් හිනා වුනා.

ඇත්ත නම් නැතුව
ඔහු කසුන් කියාත්
ඇය චමරි කියාත් හදුන්වමු

ඒක ඇහුවම මට උන්හිටි තැන් අමතක වුනා. ඇයි දෙය්යනේ ලස්සන කෙල්ලෙක් මේ කතා කරන්න බැරි ඇහැන්නෙ නැති කොල්ලෙක්ට ආදරේ කරනව දැක්කම. මම වැරදි දෙයක්ද ඇහුවෙ කියල හිතුනා.

” සොරි නංගි මම වැරදි දෙයක් ඇහුවනම්”

” එහෙම නෑ අය්යේ”

⁣” මල්ලි ගොඩක් වාසනාවන්තයි නංගි වගේ කෙනෙක් හම්බවෙන්න ”

කෙල්ලට ලැජ්ජ හිතිල බිම බලාගත්ත. කොල්ල සක්විති රජ වුනා වගේ ආඩම්බර හිනාවක් දැම්මා.

“ඔයාල ඉස්සෙල්ලම හම්බුනේ කොහොමද? අනේ කරදරයක්නම් කමක් නෑ. නිකං අහුවෙ දැනගන්න”

චමරි මොනවදෝ අතින් කිවුව කසුන්ට. කසුන්ගෙනුත් උත්තරයක් ලැබුනා.

” මම කසුන්ව ඉස්සෙල්ලම දැක්කෙ කොලඹ පාරෙ අයිනේ චිත්‍ර අදිනව. බස් එකේ යද්දි දැක්කේ තව කෙනෙක් බලං අදිනව. මටත් හිතුන මාගේ එක්ක ඇදගන්න. දවස් ගානක් බලල මෙයා
ඉන්න දවසක ගියා. එතකොට මෙයා වෙන චිත්‍රයක වැඩ ඉවරකරන ගමන්. මම කතා කරා මොයට ඇහුනෙ නෑ එයාගේ වැඩ. මේ මොන කෝලමක්ද කියල මම යන්න ගියා. මට තරහත් එක්ක මෙයාගේ හරිම ලයින් කියල. ඒත් දවස් ගානකට පස්සෙ මම අයිත් දැක්ක මෙයා ඉන්නව. මෙයාට කතා කරන්න බෑ කියල මම දැක්කෙ ඒ වෙලාවෙ. මට දුක හිතුන ඒක දැක්කම. මම වෙන දවසක අයිත් ආව. එදා ආවම තමයි මට තේ⁣රැනේ කසුන්ට කතා කරන්නයි ඇහෙන එකයි ටිකක් අඩුයි කියල. ඊට පස්සේ අපි යාලුවො වුනා.”

“ඉතිං ඔයා කොහොමද මේව ඉගෙන ගත්තෙ”

“මම මාස 03ක් පුරැදු වුනා මේ භාෂාව. ඊට පස්සෙ අපි ආදරේ කරා ”

මට මෙතනින් එහාට දෙයක් අහන්න හිත එකතු කරගන්න බැරි තරමටම වැටිල. ඇස් වලට කදුළු ආව මේ ආදරේ අහල මට.

මේ තරම් අඩුපාඩු තියෙන කෙනෙක් තමන්ගෙ ජීවිතේට ලං කරගෙන ඉස්සරහට යන්න කොහොම ධෛර්යක්ද චමරිගෙ හිතේ
තියෙන්නෙ.

ඒ දෙන්නට නිදහස දීල මම කතාව නැවැත්තුව.
ඒ දෙන්නගෙ කතාවෙ කිසිම බරක් නෑ කිසිම දුකක් නෑ
නිදහසයි හිනාවයි උතුරන ආදරයයි විතරයි පේන්නෙ.

ලස්සනට සල්ලි වලට වෙන කොල්ලෝ ගාවට යන්න, තියෙන ආදරේ බිදින පෙම්වතියන් අතරේ උබ යශෝදරාවක් නංගි.

ඇත්තටම මට පිළිතුරක් නැති ප්‍රශ්නයක් හිතට ආව.

මම , ඔබ දවසක මේ වගේ කැපකිරීමක් මේ වගේ අභියෝගයක් බාර ගනියිද ජීවිතේට?

No Comments

Leave a Reply

%d bloggers like this: