වීජ ගණිතය ගුරුතුමා

“My algebra teacher taught me how to divide, more than just numbers”

Definition of teacher  : is a person who helps others to acquire knowledge, competences or values.

ජීවිතයේ අපි බොහෝදේ උගනිමු. මොනවත් නොදැන උපදින අපගේ පළමු ගුරුන් දෙමාපියන්ය.  උපන්නේ මානවයා නැමති සත්වයා වුව ද මානවයා මිනිසෙකු බවට පත්වන්නේ ගුරුන්ගේ මගපෙන්වීමෙනි. ගුරු භූමිකාව සමාජයේ ඉහලම ස්තරයකට ඔසවා තැබෙන්නේ එබැවිනි. සාමාන්‍ය සමාජයේ ගුරුවරයා බවට පත්වන්නේ පාසලේ හෝ ටියුශන් පන්ති කාමරයේ ගුරුවරයා හෝ ගුරුවරියයි. නමුත් අප පාසලෙන් ද ටියුෂන් එකෙන් ද ලෙක්චර් එකෙන් ද බැහරව බොහෝදේ උගනිමු. නමුත් ඒ ඒ සමාජ වටපිටාවලදී පාඩම් කියා දෙන මිනිසුන් අපි ගුරුවරුන් ලෙස ආමන්ත්‍ර‍ණය කිරීමට පැකලෙමු. එය නිතැතින් සිදුවන ක්‍රියාවලියකි. සමහරක් දරුවන් පොත පතේ දැනුමට වඩා මහා සමාජ දැනුමක් ලද්දෝ වෙති. ප්‍රායෝගික ලෝකයේ සෙස්සන්ට වඩා පහසුවෙන් තම ජීවිකාව කළමණාකරනය කරගන්නේ එවැනි දරුවෝය. ඔවුන්ගේ ගුරුවරුන් කවුරුන් ද යන්න නොපැහැදිළිය. සොයා බැලූව ද සමහරවිට විශ්වාස කිරීමට අප පසුබට වනු ඇත. මන්දයත් එවැනි දරුවෝ පාරේ කුණු අදින මනුස්සයාගෙන් ද යමක් උගත්තෙකු විය හැකි බැවිනි.

උක්ත උපහාසාත්මක පින්තූරය කෙනෙකුගේ රහසකි. එවැනි රහස් සමාජයේ විරල නොවේ. විශේෂයෙන්ම ගුරු භූමිකාව සමීප කරගත් එවැනි කතා බොහෝමයකි. නමුත් ලාංකීය සමාජයට මෙවැනි සිදුවීම් අදටත් ආගන්තුක විලාශයක් ගනියි. යුරෝපීය හා ඇමරිකන් සංස්කෘතියේ සාමාන්‍යය අංග තරමටම පරිවර්තනය වී ඇති මෙවන් දේ අපට නුහුරු වන්නේ අපගේ සංස්කෘතිය ඔවුන්ගේ සංස්කෘතියට හාත්පසින්ම වෙනස් බැවිනි. අප උගත් ‘ගුරු භුමිකාව’ බොහෝ ගරුත්වයට පාත්‍ර‍වූ හා ගුරු සිසු සබදතාවය අතින් දරු – මාපිය සබදතාවට සමීප ලෙස අර්ථ දැක්වූවකි. සරලව කිවහොත් ගුරුවරිය මවක සේද ගුරුවරයා පියෙකු සේද අරුත් ගැන්වීම අපට හුරුය. එම නිසාම ගුරු සිසු ලිංගික සැබැදියාවක් ගැන සිතීමම පවක්ය යන තැනට සමාජය පැමිණ තිබේ. පොදු සමාජය එවැනි දේ පිළිකුල් කරති. ගැරහීමට පාත්‍රවෙයි. ගුරුවරයා හා සිසුවා වරදෙහි පෙලඔුනේ ස්වකැමැත්තෙන් වුව ද එය වරදක් ලෙස සමාජගත වෙයි. (වරද වරදමය) සමහර අවස්ථාවල පීඩනය නූසුලන සිසුන් ජීවිතයට පවා හානි කරගනිති. සමහරක් අවස්ථාවල ගුරුවරයා නීතියෙන් දඩුවම් පවා ලබයි. මෙවැනි සිදුවීම් හමුවේ මා මනසට නිතැතින්ම නැගෙන පිළිතුරු විරහිත ගැටලු රාශියකි.

1) මෙවැනි දේ සමාජ පිරිහීමකට හේතුවිය හැකි බැවින් ඊට විරුද්ධ වීම සාධාරණයි

2) ගුරු-සිසු භූමිකාවෙන් මිදුන පසු ඔවුන් සාමාන්‍ය සමාජ සත්ත්වයෝය. එවැනි ස්ත්‍රී-පුරුෂ බැදීමකට විරුද්ධව නැගී සිටීමට අයිතියක් තිබේද?

මෙවැනි බොහෝ කාරණා අපි පටලවාගෙන සිටිමු. වරෙක එය වරදකැයි ද  වරෙක එහි ඇති වරදක් නැතැයිද කියවෙන්නේ එබැවිනි. උක්ත පින්තුරයේ ගැබ්ව ඇති නුහුර ඇසුරෙන් මේ අසම්පූර්ණ පූර්විකාව ලියන ලදි. සංවාදයට විවෘතයි.

No Comments

Leave a Reply

%d bloggers like this: